දණ නැමීමට ඇති අකමැත්ත හේතුවෙන් ඩී කොක් අද තරගයට ක්රීඩා නොකරයි
වර්ණ වාදය පිටු දැකීම සහා වර්ණ වාදය හේතුවෙන් කලු ජාතිකයින් මුහුණ පාන ගැටලු තුරන් විය යුතුයි යන්න සිහිපත් කිරීම වෙනුවෙන් ක්රීඩාවේදී තරගයක් ආරම්භ කිරීමට පෙර අඩක් දන නැමීමේ ප්රතිපත්තියක් බොහෝ කණ්ඩායම් අනුගමනය කර සිටියි.
පසුගිය ඉන්දු - පකිස්තාන තරගය ආරම්භ වන මොහොතේදිත් ඉන්දිය කණ්ඩායම මෙය සිදු කර තිබුණි.
පෙර තරගයෙදි දකුනු අප්රිකා කණ්ඩායමේ සෑම ක්රීඩකයෙකුම මෙය සිදුකිරීම අනිවාර්ය වීමක් සිදු නොවිණි.
නමුත් අද තරගයෙදි එරට ක්රිකට් ආයතනය තීරණය කලේ සෑම දකුනු අප්රිකානු ක්රීඩකයෙක්ම මෙම ප්රතිපත්තිය අනුගමනය කල යුතු බවයි.
ඉන්දිය ක්රීඩක දිනේශ් කාර්තික් සිය ටුවිටර් ගිණුමේ ඵල කර ඇති අන්දමට, blacklivesmatter වෙනුවෙන් දණ නැමීමට ඇති අකමැත්ත හේතුවෙන් කුයින්ටන් ඩී කොක් අද තරගයට ක්රීඩා නොකිරීමට තීරණය කර තිබේ.
නායක ටෙම්බා බවුමා තරගයට පෙර පැවසුවේ පෞද්ගලික හේතුවක් මත ඩි කොක් අද තරගයට ක්රීඩා නොකරන බවටයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

