www.ada.lk
2026 නොවැම්බර් මස 04 වන බදාදා
වසර 12 කට පසු ඒෆ්. ඒ කුසලානය තමන් සතු කර ගැනීමට පොලිස් කණ්ඩායම සමත්විය. ඒ තරගාවලියේ අවසන් මහා තරගයේදී සෝන්ඩර්ස් කණ්ඩායම තියුනු තරගයකින් පසු පරාජයට පත් කරමිනි. කොළඹ තුරග තරග පිටියේදී පැවති තරගයේ නියමිත කාළයේ දෙවැනි අර්ධයේදී ගෝල 1 බැගින් රැස් කිරීමට කණ්ඩායම් දෙකම සමත්වූ අතර ඒ අනුව තරගයේ කාළය අවසන් වූයේ කණ්ඩායම් දෙකම ගෝල 1 බැගින් ලබා සිටියදීය. ඒ අනුව තරගයේ ජයග්රාහකයා දඩුවම් පහර මගින් තීරණය කිරීමට විනිසුරුවන් ක්රියා කළ අතර එහිදී දඩුවම් පහර 6-5 ක් ලෙසින් ජය ගැනීමට පොලිස් කණ්ඩායම සමත්විය. ශ්රී ලංකාවේ දැවැන්තම පාපන්දු තරගාවලිය වන එෆ්. ඒ කුසලානය, පොලිස් කණ්ඩායම විසින් මීට පෙර අවසන් වරට ජය ගත්තේ 2008 වර්ෂයේදීය. කෙසේ වෙතත් තරගාවලියේ වැඩිම ශූරතා ප්රමාණයකට(17) හිමිකම් කියනා සෝන්ඩර්ස් කණ්ඩායම අනුශුරතාව දිනාගත්තේ අඛණ්ඩව දෙවැනි වතාවටය.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
කැබැල්ලෑවෙකු අල්ලන්න ගුහාවකට රිංගූ තරුණයා මරුට
එකට මත්පැන් බිව්ව පුද්ගලයා මරා පුළුස්සා ඉතිරි වූ කොටස් කැළණි ගඟට දාලා
ආයතනයකින් ලක්ෂ 596ක් හොරකම් කළ සේවකයෙක් අල්ලයි
රයන් එයාර් ලාභය අඩුවෙයි, සේවක වැටුප් වැඩිවිම් අත්හිටුවයි
මෙල්බර්න් සිට ආපු ශ්රී ලංකන් යානයේ භාණ්ඩ ගබඩා මහලෙන් දුමක්
විල්පත්තුවේ ඇතාට ගුවන් හමුදාවෙන් ප්රතිකාර
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd