ප්‍රංශ යොවුන් පාපන්දු තරුව පේලේත් අබිබවා යයිද ?
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෝලන්තය සමගින් පැවති අවසන් 16 දෙනාගේ වටයේදී ප්‍රංශයේ යොවුන් ඉදිරිපෙළ ක්රීීීඩක කයිලියන් එම්බපේ තවත් සුපිරි වාර්තාවක් සමකිරීමට සමත්විය.
ඒ් වයස අවුරුදු 24 සම්පූර්ණ වීමට පෙර වැඩිම ලෝක කුසලාන ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා වූ බ්‍රසීලයේ පේලේගේ වාර්තාවයි.
පෝලන්තය සමගින් තරගයේදී එම්බපේ ගෝල දෙකක් වාර්තා කළ අතර ඒ සමගින් ඔහුගේ ලෝක කුසලාන ගෝල සංඛ්‍යාව 7 දක්වා ඉදිරියට පැමිණියේය.
පේලේ හා එම්බපේ ලෝක කුසලාන ගෝල 7 ක් බැගින් මේ වන විට වාර්තා කරගෙන ඇත.
එම්බපේට වයස අවුරුද 24 සම්පූර්ණ වන්නේ එළඹෙන 20 වැනිදා නිසා පේලේගේ වාර්තාව අබිබවා යාමට ලේසියෙන්ම හැකියාවක් ඇත.
ඒමෙන්ම මෙම තරගයේදී වාර්තා කළ ගෝල ද්විත්වයත් සමගින් එම්බපේ ලෝක කුසලානයේ වැඩිම ගෝල ලාභින් අතර සම 8 වැනි ස්ථානය හිමිකර ගත්තේය.
ඒ සිය ලෝක කුසලාන ගෝල සංඛ්‍යාව 9 දක්වා වැඩිකර ගනිමිනි. මෙහිදී එම්බපේ මෙම සටහනේ පෘතුගාලයේ රොනාල්ඩෝ (ගෝල 8) අබිබවා යමින් ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී හා සමවීමට සමත්විය.

පේලේ

එම්බපේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

