පන්දු 80කදී විභාවි සූර්යවංශි රැස්කළ ලකුණු 175ක ප්ර වේගකාරි ඉනිම හේතුවෙන් අවුරුදු 19න් පහළ ලෝක කුසලානය 6 වැනි වරටත් තමන් සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
සිම්බාබ්වේ හරාරේ නුවර එංගලන්තය සමගින් පැවැති මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 411ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්රීඩා කළ එංගලන්ත කණ්ඩායමට රැස් කළ හැකිවූයේ ලකුණු 311ක් පමණි.
විභාවි තම ඉනිමට හයේ පහර 15ක් හා හතරේ පහර 15ක් එල්ල කළේය. ඒ අනුව තරගයේ වීරයා සම්මානයද ඔහුට හිමිවූ අතර තරගාවලියේ වීරයා සම්මානයද ඔහුටම හිමිවිය.

