සචිත්ර කාඩිෆ්හිදී පරීක්ෂණයට
- 10 06 2014
- 09:08
- {{hitsCtrl.values.hits}} views
- සංජීව ධර්මසේන
සචිත්ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් සිදුකිරීමට නියමිත පරීක්ෂණයට ප්‍රථම මෙම පරීක්ෂණය පැවැත්වෙන අතර, ඒ සඳහා සචිත්ර කාඩිෆ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණයකට යොමුකි‘රීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
එක්දින තරගාවලියේ නිමාවත් සමග ශ්‍රී ලංකාවට පැමිණි සචිත්ර කාඩිෆ් පරීක්ෂණය සඳහා ඊයේ (09දා) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබිණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු පැවසුවේ සචිත්ර අද (10දා) හෝ හෙට (11දා) පරීක්ෂණයට භාජනය වනු ඇති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
