ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ජපානයට යයි
විස්සයි විස්ස තරග 5කින් යුත් සංචාරයක් සඳහා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ජපානයේ සංචාරයක නිරත වේ. 15 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ නායකත්වය ඩෙලන් පීරිස්ට හිමිවී ඇත. ජපානය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී,සී.) අර්ධ සාමාජික රටක් වේ.
දෙරට අතර තරග මේ මස 10, 11, 13, 14 හා 15 යන දිනයන්හි පැවැත්වීමීට කටයුතු යොදා ඇති අතර, එම සියලුම තරග තෝකියෝ අගනුවරට කිලෝ මීටර 100 ආසන්න දුරකින් ඇති සැනෝ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (Sano International Cricket Ground/ SICG) පැවැත්වේ.
තරගාවලියට සහභාගි වන කණ්ඩායම
01. ඩෙලෝන් පීරිස් (නායක), 02. සකුණ ලියනගේ, 03. දුනිත් ජයතුංග, 04. සාහිල් ඩයස්, 05. රන්මිත් ජයසේන, 06. ෂෙහාන් ප්‍රනාන්දු, 07. යොහාන් ලියනගේ, 08. සිතාර හපුහින්න (කඩුලු රකින්නා), 09. හිරන්ත ජයසිංහ, 10. ලක්ෂාන් ගමගේ, 11. තීසන් විතුසන්, 12. ඉමිතියාස් ස්ලාසා, 13. සිතුම් දිසානායක, 14. හර්ෂණ වික්‍රමසිංහ, 15. දනාල් හේමානන්ද
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

