ශ්‍රී ලංකා කණ්ඩායමට හමුදා ආරක්ෂාව
කරච්චි, නොවැම්බර් 13 (රොයිටර්) - ඉස්ලාමාබාද් හි අධිකරණ සංකීර්ණයක් අසළ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව සඳහා පාකිස්තාන හමුදා සහ පැරාමිලිටරි හමුදා යොදවා ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා බ්‍රහස්පතින්දා පැවසීය.
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව පිළිබඳව සහතිකයක් පාකිස්තාන හමුදා ප්‍රධානී අසීම් මුනීර් විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති බව පාකිස්ත්නා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි පැවසීය.
"අපගේ හමුදාව සහ පැරාමිලිටරි භටයන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව සඳහා යොදවා ඇත," ඔහු තවදුරටත් පැවසීය.
බෝම්බ ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පාකිස්තානයේ රැඳී සිටීම පිළිබඳව බරපතල කනස්සල්ල පළ කළ නමුත් ඒවා විසඳා ඇති බව නක්වි පැවසීය.
"ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඊයේ (ක්‍රිකට්) කණ්ඩායමට පෞද්ගලිකව කතා කර ඔවුන් ක්‍රීඩා කිරීමට දිරිමත් කළා," නක්වි තවදුරටත් පැවසීය.
ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටලය බෝම්බ ප්‍රහාරය සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර 10 කටත් අඩු දුරකින් පිහිටා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

