ශ්‍රී ලංකා ඉනිම ලකුණු 257ට සීමාවෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ලීඩ්ස්හි පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙසට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 257කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.
කුමාර් සංගක්කාර හා දිනේෂ් චන්දිමාල් හැරෙන්නට වෙනත් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු අතරට පැමිණිමට නොහැකිවිය. ලියාම් ප්ලන්කට් කඩුලු පහක්ද, ස්ටුවර්ට් බ්‍රෝඩ් කඩුලු ත්‍රිත්වයක්ද දවා ගනිමන් ශ්‍රී ලංකා ඉනිම අඩපණ කළේය. අද තරගයේ දෙවැනි දිනයයි.
ශ්‍රී ලංකාව 257/10 (පන්දුවාර 69.5)
කුමාර් සංගක්කාර 79 (පන්දු 143, 4X13)
දිනේෂ් චන්දිමාල් 45 (පන්දු 55, 4X6)
දිමුත් කරුණාරත්න 28 (පන්දු 65, 4X4)
ලියාම් ප්ලන්කට් 64/5 (පන්දුවාර 15.5)
ස්ටුවර්ට් බ්‍රෝඩ් 46/3 (පන්දුවාර 15)
ජේම්ස් ඇන්ඩර්සන් 49/2 (පන්දුවාර 19)
එංගලන්තය 36 (පන්දුවාර 15)
ඇලිස්ටෙයාර් කුක් 14* (පන්දු 50, 4X2)
සෑම් රොබ්සන් 21* (පන්දු 41, 4X2)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

