ශ්රී ලංකාව ලකුණු 272ක් ඉදිරියෙන්
දකුණු අප්රිකා කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට සිය දෙවැනි ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩාය කඩුලු 4ක් දැවී ලකුණු 111ක් රැස්කරගෙන සිටියි.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම මේ වන විට ලකුණු 272ක් ඉදිරියෙන් පසුවෙයි. අද දිනයේද සාර්ථක පිතිහරඹයක් දියත් කළ දිමුත් කරුණාරත්න ලකුණු 60ක් රැස්කර සිටියදී රාබඩාගෝ පන්දුවක් හමුවේ දැවී ගියේය.
දිනය නිමා වන විට ඇන්ජලෝ මැතිව්ස් (14) හා රොෂේන් සිල්වා (10) නොදැවී පන්දුවට පහරදෙමින් සිටියහ.
ධනුෂ්ක ගුණතිලක (17), දිමුත් කරුණාරත්න (60), ධනංජයද සිල්වා (9), කුසල් මෙන්ඩිස් (0) දැවී ගිය පිතිකරවෝ වෙති. දකුණු අප්රිකාව වෙනුවෙන් කේෂාව් මහරාජ් කඩුලු තුනක් දවා ගැනීමට සමත්විය.
ශ්රී ලංකාව පළමු ඉනිමට ලකුණු 287ක් රැස්කළ අතර පිළිතුරු ලෙස දකුණු අප්රිකාවට රැස්කළ හැකිවූයේ ලකුණු 126ක් පමණි.
හෙට තරගයේ තෙවැනි දිනයයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

