ශ්‍රී ලංකාව පරදා ඔස්ට්‍රේලියාව දිනාවි
ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මේ මාසයේදී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට වැඩි අවස්ථාවක් ඔස්ට්‍රේලියාවට පවතින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දග පන්දු යවන ක්‍රීඩක මෙන්ම වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් පවසයි.
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය පිළිබඳව ක්‍රිකට් ඔස්ට්‍රේලියා වෙබ් අඩවවියට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පවසයි.
ආසන්න කාලසීමාවේදී ඔස්ට්‍රේලියාව හොඳින් ක්‍රීඩා කරන හෙයින් මෙම තරගාවලිය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට වැඩි අවස්ථාවක් තිබෙන බවද මුරලි කියයි.
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිටින්නේ නැවත නැගි සිටිමේ අදියරක බවත් බොහෝ ක්‍රීඩකයින් විශ්‍රාම ගෙන තිබෙන බවත් මුරලි පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිය ප්‍රමාණයක් නොවන හෙයින් තරගාවලිය ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියාවට හොඳ අවසථාවක් තිබෙන බවද මුරලි සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

