ශ්රී ලංකාව කඩුලු 6 ට ලකුණු 248 යි
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ පාකිස්තානු ක්රිකට් කණ්ඩායම අතර මේ වනවිට ඩුබායිහිදී පැවැත්වෙන අවසන් ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවැනි දිනය ආරම්භ කරමින් දෙවැනි දිනට ප්රථම කඩුල්ල දවාගැනීමට පාකිස්තානු වේග පන්දු යවන මොහොමඩ් තල්හා සමත්විය. ඒ ලකුණු 35ක් ලබාසිටි ප්රසන්න ජයවර්ධන දවාගනිමින්. තණතීරුවේ මැද කෙටී ආ පන්දුවකට ෆුල් පහරක් එල්ලකළ ප්රසන්න පන්දු රකින්නන් නොමැති ස්ථානයට ස්ථානගත කිරීමට නොහැකිවීමෙන් ෆයින්ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටි ජුනයිඩ් ඛාන් වෙත උඩපන්දුවක් ලබාදෙමින් දැවීගියේය.
මේ වනවිට ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 106 ක් අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 248 ක් රැස්කරගෙන සිටින අතර නොදැවී පන්දුවට පහර දෙන නායක මැතිව්ස් ලකුණු 37 ක් සහ සිය ටෙස්ට් ක්රිකට් දිවියේ ප්රථම තරගයට මුහුණ දෙන ඩිල්රුවන් පෙරේරා ලකුණු 5 ක් රැස්කරගෙන සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

