ශ්රී ලංකාවේද සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා සංචිතය නම් කර තිබේ. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්රීඩකයන් 15ක් ඇතුළත් වෙයි. එංගලන්තය හා පැවැත්වෙන විස්සයි20 තරගාවලිය වෙනුවෙන් නම් කළ තුන් ඉරියව් ක්රිඩක ධනංජය සිල්වාට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ.
දිගින් දිගටම අසාර්ථක වූ ධනංජය සිල්වා කණ්ඩායමට එක් කර ගැනීම සම්බන්ධයෙන් පසුගිය කාලයේදී දැඩි විවේචනයක් ඒල්ල වී
තිබුණි. නවක ක්රීඩක පවන් රත්නායක සංචිතයට ඇතුළත්ව තිබේ.
ශ්රී ලංකා සංචිතය - දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, කමිල් මිශාර, කුසල් මෙන්ඩිස්, ඳකමිු මෙන්ඩිස්, කුසල් පෙරේරා,
චරිත් අසලංක, ජනිත් ලියනගේ, පවන් රත්නායක, ඳවනිු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමිර, මතීෂ පතිරණ,
ඒ්ෂාන් මාලිංග