ADA
www.ada.lk
2025 ජුනි මස 16 වන සඳුදා
ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික පාපන්දු තරග නියං සමය අවසන් කරමින්කොළඹ තුරග තරග පිටියේදී සංචාරක ලිතුවේනියා කණ්ඩායම සමග ඊයේ (08දා) සන්ධ්‍යාවේ පැවැති පළමු තරගය ගෝල 0-0ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
වසර දෙකකට පසු ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු අන්තර්ජාතික පාපන්දු තරගය මෙය වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු රූමි පකීර් අලි හා නව නායක සුභාෂ් මධුෂාන් සහභාගි වූ පළමු තරගයද මෙය විය.
තරගයේ පළමු අර්ධයේදී ලිතුවේනියානු ප්‍රහාරකයන් ශ්‍රී ලංකාවේ දැල ආක්‍රමණය කිරීමට යම් උත්සාහයක් දැරුවද, ශ්‍රී ලංකා පසුපෙළ ක්‍රීඩකයන්ගේ හා දැල් රකින්නාගේ දක්ෂතා හමුවේ එය ව්‍යර්ථ විය.
දෙවැනි අර්ධයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ටද ගෝල වාර්තා කිරීමට ආසන්න අවස්ථා උදා වුවද,එම අවස්ථා සියල්ල මගහැරුණි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරමක පීඩනයකට ලක්ව ක්‍රීඩා කළ ආකාරයක් මෙහිදී පෙනෙන්නට තිබිණි. ඒ අනුව නියමිත කාලය අවසන් වනතුරුත් කිසිදු කණ්ඩායමකට ගෝල වාර්තා කිරීමට අවස්ථාවක් නොලැබිණි.
මෙම තරගය වසර දෙකකට පසු ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු අන්තර්ජාතික තරගය විය. 2016 වර්ෂයේ ආසියානු සොලිඩරිටි කුසලානයෙන් අනතුරුව ශ්‍රී ලංකාව මේ දක්වා කිසිදු අන්තර්ජාතික තරගාවලියකට සහභාගි වී නොමැත.
මෙම තරගයෙන් අනතුරුවශ්රී ලංකා කණ්ඩායම පුහුණු සැසියක් සඳහා අද (09දා) උදෑසන ජපානය බලා පිටත්වීමට නියමිතය. ලිතුවේනියා ජාතික කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය ශ්‍රී ලංකා 'බී' කණ්ඩායම සමගින් අනිද්දා (11දා) කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වේ.
මෙම තරගය නැරඹීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා, පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ යන මහත්වරු ද සහබාගි වී සිටියහ.
ඡායාරූප- ඉසුරු පෙරේරා
popular news
අනුරපුරේ ආපු කට්ටිය කළා වැවත් කාලා
ඉරානයෙන් ඊශ්රායෙලයට දැවැන්ත ප්‍රහාරයක්
රු. ලක්ෂ 550ක විස්කි හා කරදමුංගු තොගයක් කටුනායක ගුවන් තොටුපොලේ දමා යයි
මහනුවර මහ නගර සභාව තුළ පක්ෂ විපක්ෂ කියලා දෙකොටසක් නෑ
එයාර් ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙක් බේරෙයි
ගුවන් අනතුරින් 241ක් ජීවිතක්ෂයට, මිය ගිය පුද්ගලයෙකුට ඉන්දීය රු. කෝටියක වන්දියක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd