වර්ගවාදය නිසා ඔසිල් ජාත්‍යන්තර පිටියට සමුදෙයි
ජර්මනි පාපන්දු කණ්ඩායමේ මෙසුට් ඔසිල් ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදීමට තීරණය කර තිබේ. ඒ ඔහුට එරෙහිව එල්ලවන වර්ගවාදී අපහාස හා අගෞරවයන් හේතුවෙනි.
තුර්කි ජනපතිවරයා සමග පසුගිය මැයි මාසයේදි ඔහු ලබාගත් ඡායාරූපයක් පිළිබඳව 29 හැවැරිදි ඔසිල්ට බරපතල විවේචන එල්ල විය. ඔසිල්ට තුර්කි සම්භවයක්ද පවතී.
එසේම ලෝක කුසලාන තරගාවලියේදී ජර්මනිය දැක්වූ අදක්ෂ ක්‍රීඩා විලාශය හේතුවෙන් තමන්ට තර්ජනාත්මක විද්‍යුත් තැපැල් පණිවිඩ ලැබුණ බවත් තමාව විවේචනය කළ බවත් ඔසිල් පවසයි.
“අපි දිනන විට මම ජර්මන් ජාතිකයෙක්. නමුත් අපි පැරදුණවිට මම සංක්‍රමණිකයෙක්” යැයි ඔසිල් පවසයි.
ඔසිල්ගේ චෝදනා සම්බන්ධයෙන් ජර්මනි පාපන්දු සංගමය තවමත් කිසිවක් ප්‍රකාශ කර නොමැත.
නමුත් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් ඔසිල්ගේ තීරණයට ගෞරව කරන බවත් ඔහු රට වෙනුවෙන් බොහෝ දෑ කර ඇති බවත් පවසා ඇත.
ජර්මනිය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 92කට ක්‍රීඩා කර ඇති ඔසිල් 2011 වසරේ පටන් ජර්මනි ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයා ලෙස වසර පහක් ප්‍රේක්ෂකයන් විසින් තෝරාගෙන තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

