පළමු වැනි ලෝක ශූරතා ප්‍රායෝගික රයිෆල් සහ කාබයින් පිස්තෝල මාදිලියේ කෙටි රයිෆල් වෙඩි තැබීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කයල් ලියනගේ , එම තරගාවලියේ කනිෂ්ඨ අංශයේ තුන් වන ස්ථානය හිමි කර ගනිමින් ලෝකඩ පදක්කම දිනා ගෙන 05/28 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
මෙම තරගාවලිය චෙක් ජනරජයේ ( Czech ) සනෝයිමෝ ( Znojmo ) නුවර ලෝකයේ රටවල් 64 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,095 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 05/10 දින සිට 05/25 දින දක්වා පවත්වා තිබුණි .
ශ්‍රී ලංකා වෙඩි තැබීම් ඉතිහාසයේ තනි පුද්ගල ක්‍රීඩකයෙකු දිනා ගත් පළමු ජාත්‍යන්තර පදක්කම මෙය බව ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ සභාපති රියර් අද්මිරාල් මංජුල දිසානායක මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය.
කයල් ලියනගේ තවමත් 12 හැවිරිදි වියේ පසුවන, කොළඹ ජාත්‍යන්තර පාසැලක 07 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසැල් සිසුවෙකි .
කයල් මෙම පදක්කම ද රැගෙන 05/28 දින උදෑසන 09.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු පිළිගැනීමට ඔහුගේ දෙමාපියන් ඥාතීන් මෙන්ම ශ්‍රී ලංකා රයිෆල් සංගමයේ උසස් නිලධාරීන් පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.


