ස්කොට්ලන්තයේ, ග්ලාස්ගෝ නුවර පැවති 26 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වූ රුමේෂ් තරංග රන් පදක්කම දිනා ගෙන සහ එම තරගාවලියේ පැරා අංශයේ කවපෙත්ත විසි කිරීමේ ඉසව්වට සහභාගී වූ පාලිත බණ්ඩාර රිදී පදක්කම දිනා ගෙන 08/04 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ඔවුන් ස්කොට්ලන්තයේ සිට ඩුබායි වෙත පැමිණ , එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් 08/04 දින පස්වරු 04.50 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එහිදී ඔවුන් පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ , ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවත්වුනි .
