යාපනයටයි පොලොන්නරුවටයි ක්‍රිකට් ක්‍රීඩාංගණ
යාපනය හා පොලොන්නරුව දිස්ත්රික්කයන්ට නව ක්‍රිකට් ක්‍රීඩාංගණ දෙකක් ඉදිකිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතියද ලැබි තිබේ.
එක් ක්‍රීඩාංගණයක් සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් කෝටි 10ක් වෙයි. ආරම්භයේදී පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාංගණ දෙකක් වශයෙන් ඉදිකිරිමට නියමිත මෙම ක්‍රීඩාංගණ දෙක පසුව ජාත්‍යන්තර ක්‍රීඩාංගණ ලෙස සංවර්ධනය කිරිමටද ක්‍රිකට් ආයතනයේ අනුමැතිය ලැබී තිබේ.
උතුරු හා නැගෙනහිර පළාත් තුළ ක්‍රිකට් ක්‍රිඩාව සංචර්ධනය කිරීමේ අරමුණින් මෙම ක්‍රීඩංගණ ඉදිවෙයි. පොලෙන්නරුවේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරිම සඳහා අවශ්‍ය මූලික සැලසුම් මේ වන විටත් සකස් කර අවසන් ඇති අතර යාපනය දිස්ත්‍රික්කයේ ක්‍රීඩාංගණයක් ඉදිකිරිම සඳහා තවමත් සුදුසු ඉඩමක් සොයාගැනීමට නොහැකිවී තිබේ.
ක්‍රික්ඉන්ෆෝ ඇසුරෙනි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

