මැතිව්ස්ගෙන් ධනුෂ්කට සැර පිළිතුරක්
යම්කිසි ක්රීඩකයෙක් විනය විරෝධී වැඩ කර අවධානමක් ගනීනම් එහි ප්රතිවිපාකවලටද ඔහු මුහුණ දිය යුතු බව ශ්රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව ඊයේ (28දා) දඹුල්ලේදී පැවැසීය.
“ක්රීඩකයෙක් අහිමිවීම කනගාටුවට කරුණක්. නමුත් අපි විනය විරෝධී වැඩ සඳහා ඉඩ දෙන්නේ නෑ. ඔවුන් අවධානමක් ගන්නවානම් එහි විපාකවලටත් ඔවුන් මුහුණ දිය යුතුයි. ඔවුන්ට හොඳම ක්රිඩකයන් වෙන්නට බෑ. ඔවුන් කණ්ඩායමේ නීති රෙගුලාසිවලට අනුගත විය යුතුයි.
ඔවුන් පිටියෙන් පිට කරන දේවල් ගැන අපි අවධානය යොමුකරනවා මොකද ඒක සමස්ත කණ්ඩායමට වගේම කණ්ඩායමේ චිත්රයටත් බලපානවා. ක්රීඩකයන් තමන් ගැන පිටියේදී මෙන්ම පිටියෙන් පිටදීත් හොඳින් බලාගන්න ඕන. කණ්ඩායමේ චිත්රයට හානියක් නොකළ යුතුයි”

-
osho Sunday, 29 July 2018 10:56 AM
අද විනය තියාගෙන කන්නේ හොඳට,කට විතරයි වැඩ නෑ
Reply : 1 54
Haja Sahabdeen Wednesday, 01 August 2018 06:07 AM
ඔබ හරි . හරියටම හරි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

