මාලිංග, ඩිල්ෂාන් බින්දුවයි
බිග්බෑෂ් ලීග තරගාවලිය යටතේ තිලකරත්න ඩිල්ෂාන් හා ලසිත් මාලිංග මුහුණ දුන් පළමු තරගයෙන්ම අසාරථක විය. ඩිල්ෂාන් ක්රීඩා කරන සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම හා ලසිත් මාලිංග නියෝජනය කරන මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම අතර තරගයෙන් මාලිංග නියෝජනය කරන මෙල්බර්න් කණ්ඩායම කඩුලු 7 ක පහසු ජයක් ලැබීය
සිඩ්නි කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි තිලකරත්න ඩිල්ෂාන් ලකුණු නොලබා පිටියෙන් ඉවත් වූ අතර මෙල්බර්න් කණ්ඩායමේ ලසිත් මාලිංග සිය පන්දුවාර හතරට ලකුණු 33ක් ලබා දුන්නේ ප්රතිවාදී කණ්ඩායමේ එකඳු කඩුල්ලක් හෝ බිද දැමීමෙන් තොරවය.කාසියේ වාසිය දිනා ගත් සිඩ්නි කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දුන්නේය. තරගයේ වීරයා ලෙස බ්රැඩ් හොජ් සම්මාන ලැබීය.
සිඩ්නි කණ්ඩායම 155/6 (පන්දුවාර 20)
මයික් හසී 66 (පන්දු 48, 4x6, 6x1)
ඉයන් මොගන් 31 (පන්දු 23, 4x1, 6x2)
ජෝන් හාස්ටින්ග්ස් 3/31 (පන්දුවාර 4)
මෙල්බර්න් කණ්ඩායම 156/3 (පන්දුවාර 19.1)
බ්රැඩ් හොජ් 64 (පන්දු 36, 4x4, 6x5)
මැතිවු වේඩ් 44 (පන්දු 40, 4x4, 6x1)
ඩර්ක් නැනිස් 1/15 (පන්දුවාර 4)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

