මාලිංග ජාත්‍යන්තර පිටියට සමුදෙයි?
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට සැරසෙන බව 'අද'ට වාර්තා වේ. කොතරම් දක්ෂතා දැක්වුවද වත්මන් තේරීම් කමිටුව ඔහුට දිගින් දිගටම අවස්ථාව ලබා නොදීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන තිබේ.
මේ වන විට විදෙස්ගතව සිටින ලසිත් මාලිංග මෙරටට පැමිණි වහාම මාධ්‍ය හමුවක් කැඳවා සිය සමුගැනීම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවට හෙළිවේ. මාලිංග ලබන සතියේදී දිවයිනට පැමිණීමට නියමිත අතර, සමුගැනීමෙන් අනතුරුව ඔහු පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට නියමිත බවටද වැඩිදුරටත් වාර්තා වේ.

popular news
-
Champa Tuesday, 10 July 2018 09:28 AM
අයියෝ අයියෝ අපරාදේ. අර්ජුනගෙයි දයාසිරිගෙයි තිලංගගෙයි dog fight හින්ද ක්‍රිකට් ක්‍රීඩාවයි ක්‍රීඩකයෝයි රටේ නමයි ඔක්කොම නැති වුන. අපේ රටේ තරම් ක්‍රිකට් වල controversy නැහැ කොයි රටකවත් දැන්. Professional soccer සහ තව Basketball වගේ ක්‍රීඩා වලින්වත් ඉස්සරහට එන්න බලන එක හොඳයි.
Reply : 0 0
Champa Tuesday, 10 July 2018 04:32 PM
ලංකාවේ ඉස්සෙල්ලම ජාතික ක්‍රිකට් කණ්ඩායමක් පිහිටෙව්වේ සුද්දගේ ආණ්ඩුව යටතේ 1832. ටෙස්ට් තත්ත්වය හම්බ වුනේ ඊට අවුරුදු 149කට පස්සේ 1981. ලංකාව නිදහස් රටක් විදියට මුලින්ම ජාත්‍යන්තර ක්‍රිකට් ගහන්න ගත්තේ 1975. පලවෙනි ටෙස්ට් මැච් එක දින්නේ 1985. මේක තමයි ඔබේ පසුගාමී අසුබවාදී comment එකට මම දෙන උත්තරේ. බැහැයි කියලා කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. අනිත් රටවලට පුළුවන් නම් අපිටත් පුළුවන්. Nothing is impossible. Everything is possible. The word impossible is not my vocabulary. ලංකාවේ ළමයෙක් ඉන්නවා මම දන්නා අවුරුදු 5 දී,15දි නෙමෙයි, අවුරුදු 5දි soccer team එකෙයි ක්‍රිකට් team එකෙයි දෙකේම හිටපු. අවුරුදු 5දි පීනන්නත් පුළුවන්. අවුරුදු 10දි හොකී සෙල්ලම් කරන්නත් පුළුවන්. ඊට පස්සේ අවුරුදු 11දි Basketball ගහල අවුරුදු 12-13 දී පොඩි ළමයින්ගේ Basketball game වල Referee කෙනෙක් විදියටත් සති අන්තේ වැඩ කරපු. පස්සේ Senior Basketball Team එකේ වයස අඩුම ළමය වෙලා පස්සේ Team කැප්ටනුත් වෙච්ච. ඒ ළමයට පුළුවන් නම් ඇයි ලංකාවේ අනිත් ළමයින්ට බැරි?
0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

