මහවැලි දක්ෂ ක්‍රීඩකයන්ට ස්ථිර රැකියා
මහවැලි ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ස්ථිර රැකියා ලබාදී රැක බලා ගන්නා බව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.
30 වැනි මහවැලි ක්‍රීඩා උළෙල මෙම මස 15 හා 16 යන දෙදින තුළ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවත්, දක්ෂතම ක්‍රීඩකයාට ක්‍රීඩිකාවට මහවැලි ඉඩම් ලබාදීමට සැලසුම් කර තිබෙන බවත් අද (11දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේය.
සමාරම්භක උළෙල 15 වැනි දින ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ හා අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවත්, 16 වැනි දින ක්‍රීඩා උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවත් හෙතෙම මෙහිදී සඳහන් කළේය.

-
rocky Tuesday, 11 September 2018 06:46 PM
මෙන්න තවත් මෝඩ තකතීරු කතාවක්. ක්‍රීඩා දක්ෂයන්ට විතරද? සාහිත්‍ය, නාට්‍ය, සංගීත, ජන මාධ්‍ය ,නර්තන, ගොවි, වඩු, ආදී මෙකී නොකී ක්ෂේත්‍ර වල දක්ෂයන්ට හුලන්ද? ඒ මිනිස්සුන්ව එපාම එපා නම්, අඩු ගන්නේ , කොමිස් ගැහිලි, පගා ගැහිලි, ස්ත්‍රී දුෂණ , මිනී මැරුම්, ආදී සංවර්දන කටයුතුවලින් කප් ගහපු පින්වතුන්ට වත් පරිපාලන ජොබ් ටිකක් දෙන්න අපි බලන් ඉන්නවා චන්දයක් එන තුරු .. තට්ටු මාරුවෙන් නිදහස් වෙන්න උත්සාහ කරන්න! ද්‍රවිඩ සන්ධානයට චන්දෙ දුන්නත් රට කන තක්කඩින් ව බලයට පත් කල යුතු නැහැ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

