මම වැඩ කළේ අවංකව හා විනිවිදයි - සනත්
තමන් සෑම අවස්ථාවකම විනිවිදභාවයකින් හා අවංකව කටයුතු කර ඇති බවත් කිසිම අවස්ථාවක තමන්ට තරග පාවාදීම්, තණතීරු පාවාදීම් හෝ ඒ ආකාරයේ වෙනත් දූෂණ පිළිබඳව චෝදනා එල්ල වී නොමැති බවත් ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය පවසයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය විසින් සනත්ට එල්ල කළ චෝදනා දෙක පිළිබඳව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය පවත්වන පරික්ෂණ සඳහා සහාය නොදැක්වූ බව සඳහන් කරමින් අයි.සී.සි.ය සනත්ට චෝදනා දෙකක් ගොනුකර තිබේ.
ඔහුට ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීම සඳහා ඊයේ සිට දින 14ක කාලයක් ලබාදුන්නේය.
සනත් සිය නිවේදනයෙන් පවසන්නේ මෙම චෝදනා පිළිබඳව තමන්ට මෙම අවස්ථාවේදී ප්‍රකාශ කළ නොහැකි බවත් එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රීතිවලට පටහැනි බවත්ය.
එසේම මේ පිළිබඳව පිළිතුරු ලබාදීමට සිය නිතිඥයින් මේ වන විට කටයුතු කරමින් සිටින බවත් පවත්වන ඕනෑම විමර්ශනයක් සඳහා සහාය දක්වන බවත් සනත් පවසයි.

popular news
-
Deepal Nirosh Wednesday, 17 October 2018 08:50 AM
ඉතින් සනත් අය්යෙ ඔය පිළිතුරු කෙළින්ම ICC යට ඉදිරිපත් කරල නිර්දොෂීභාවය ඔප්පු කරහම ගැටළු අවසන්. පත්තරවලට කරුණු කිය කිය ICC ඉදිරියේ ශ්‍රී ලංකාවෙ දේශපාලකයෙක් වගේ හැසිරෙන එක හොඳ නැහැ නේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
