භානුකට BPL අහිමි වෙයිද?
ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාමගත් භානුක රාජපක්ෂට ඉදිරියේදී ආරම්භවීමට නියමිත බංග්ලාදේශ ප්‍රිමියර් ලීග තරගාවලිය අහිමිවන තත්ත්වයක් පෙනෙන්ට තිබේ.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයෙක් විශ්‍රාම ගැනිමේදී හඳුන්වාදුන් නව නීති හේතුවෙනි. නව නීති අනුව යම්කිසි ක්‍රිකට් ක්‍රිඩකයෙක් ජාත්‍යන්තර තරගවලින් විශ්‍රාම ගැනිමෙන් අනතුරුව පැවැත්වෙන ලීග තරගාවලියන්ට ක්‍රීඩා කිරීමට අවශ්‍ය ක්‍රිකට් ආයතනයේ අනුමැතිය ලැබෙන්නේ විශ්‍රාම ගත් දිනයේ සිට මාස හයක් ඉක්මවීමෙන් අනතුරුවය.
මෙම නීති වහාම ක්රියාමත්මකවන පරිදි ක්‍රිකට් ආයතනය විසින් හඳුන්වා දී තිබේ. භානුක රාජපක්ෂ මෙම සතිය මුලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තමන් ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගන්නා බවට ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නේය.
ඒ අනුව ක්‍රිකට් ආයතනය හඳුන්වාදුන් නව නීති අනුව භානුකට මේ මස 21 දා ආරම්භ වන බංග්ලාදේශ ප්‍රිමියර් ලිග තරගාවලියට ක්‍රීඩා කිරීමට ඇත්තේ අවම ඉඩකි.

popular news
-
Daminda Sunday, 09 January 2022 03:12 AM
Crikat ayathana mokatada palaka mandala navathath patan aragene daksayo aliyata dana vade ayemath crikat kannada hadanne
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

