බ්‍රසීලයේ පැවති වයස අවුරුදු 20 න් පහළ පාපන්දු තරගයකදී රතු කාඩ්පත් 51 ක් ක්‍රිඩකයන් හා පුහුණු කාර්ය මණ්ඩලය වෙත ලබාදීමෙන් පාපන්දු තරගයකදී වාර්තා වූ වැඩිම රතු කාඩ්පත් සංඛ්‍යාවට අදාළව ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.
උබර්ලැන්ඩියා සහ මාමෝර් අතර පැවති මිනාස් ජෙරයිස් වයස අවුරුදු 20 න් පහළ ශූරතාවලියේ අවසන් පූර්ව වටයේ පළමු අදියර ක්‍රීඩකයින් 43 දෙනෙකු සහ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් අට දෙනෙකු පිටියෙන් ඉවත් කිරීමට මෙසේ රතු කාඩ්පත් භාවිත කිරිමට විනිසුරන්ට සිදුිය.
පෙර වාර්තාව වූයේ 2011 දී ආර්ජන්ටිනාවේ ක්ලබ් ඇට්ලෙටිකෝ ක්ලේපෝල් සහ වික්ටෝරියානෝ අරීනාස් අතර පස්වනකොටසේ තරගයකදී රතු කාඩ්පත් 36 ක් ලබාදීමයි.
තරගය පැවැති පාර්ක් ඩෝ සබියා ක්‍රීඩාංගණයට විශාල හානියක් සිදු වූ බැවින් හමුදා පොලිසිය බාහිරව කැඳවූ බව බ්‍රසීලියානු ප්රවෘත්ති ආයතනයක් වන ඕ ටෙම්පෝ වාර්තා කළේය.
