සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි 20 ක්‍රිකට් තරගය අද (10දා) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
මෙම තරගය අද පස්වරු 07ට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
මේ අතර, පළමු තරගය වන මෙම තරගයේ සියලු ප්‍රවේශ පත්‍ර සියල්ල අලෙවි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
ඒ අනුව ටිකට්පත් මිලදී ගැනීමට ටිකට් විකිණීමේ කවුලුව වෙත නොපැමිණෙන ලෙස ජනතාවට දැනුම් දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.