බංග්ලාදේශය ලෝක කුසාලනයට එනවද නැත්ද තීරණය අනිද්දා
පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයට බංග්ලාදේශයේ ඒක්වෙනවාද යන්න ඳපිළිබවත් ඉනදියාවේ ක්‍රීඩා කරන්නේද යන්න ඳපිළිබවත් අවසන් තීරණය ජනවාරි 21 වන විට ගැනීමට නියමිත බව මාධ්‍ය වාර්තා කරයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අතර සෙනසුරාදා ඩකාහි පැවති සාකච්ඡාවලදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ජනවාරි 21 දා මේ ඳපිළිබව අවසන් තීරණය දැනුම් දෙන ලෙස දන්වා තිබේ.
සතියක් ඇතුළත බංග්ලාදේශ හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අතර පැවැති දෙවැනි රැස්වීම ගිය සෙනසුරාදා පවත්වනු ලැබීය.
මෙම සාකච්ඡාවේදී බංග්ලාදේශ පවසා ඇත්තේ තමන් ලෝක කුසලානයට ක්‍රීඩා ඉන්දියාවේදී ක්‍රීඩා කිරීමට අකමැති බවයි. සම-සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාව ස්වාභාවික විකල්පය බව බංග්ලාදේශය ඳසහන් කර තිබේ.
තම කණ්ඩායමේ ඉන්දියාවේ සංචාරය කිරීම සහ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක ගැටළු පවතින බව ඳසහන් කරමින් බංග්ලාදේශය ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට ඉන්දියාවට යාම ප්‍රතික්ෂේප කර තිබේ.
කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසා ඇත්තේ මුල් කාලසටහන වෙනස් නොකරන බවයි. බංග්ලාදේශය C කාණ්ඩයේ ස්ථානගත කර ඇති අතර එම තරග ඉන්දියාවේදී පැවැත්වෙයි.
බංග්ලාදේශය කොල්කටාහිදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ආරම්භක දිනයේ ක්‍රීඩා කිරීමට නියමිත අතර, එය ඔවුන්ගේ ඊළඟ තරග දෙක සඳහා ද ස්ථානය වේ. ඉන්පසු ඔවුන්ගේ අවසන් කණ්ඩායම් තරගය මුම්බායිහිදී පැවැත්වේ.
සෙනසුරාදා පැවති සාකච්ඡා අතරතුර, බංග්ලාදේශය B කාණ්ඩයට ගෙනයාම සලකා බැලීමට BCB කළ ඉල්ලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එකඟ වී නොමැත. බංග්ලාදේශය පවසන්නේ තමන් වෙනුවෙන් අයර්ලන්තය සමග කාණ්ඩ මාරුකරන ලෙසයි. ICC ය බංග්ලාදේශයට ආරක්ෂක තර්ජනයක් නොමැති බවට සහතික කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

