පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට පා ගමනින් ඇවිත් හමුදා සැරයන් ගිනස් වාර්තාවක් තබයි
යුධ හමුදා සංඥා බළකායේ මාණ්ඩලික සැරයන් ඉන්දික කීර්තිරත්න මහතා පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කිලෝමිටර් 580.16 දුරක් දින 10 යි පැය 12 විනාඩි 02 ක් තුළ පා ගමනින් පැමිණ පෙරේදා (16) නව ගිනස් ලෝක වාර්තාවක් තැබීමට සමත් විය.
ඔහු ඉකුත් 05 වැනි දින සවස 06.00 පේදුරුතුඩුවෙන් එම ගමන ආරම්භ කර තිබුණි.
ක්‍රීඩා අමාත්‍යාංශය සහ ගිනස් සහ ලෝක වාර්තා සෙරන්ඩිබ් කමිටුවේ අධ්‍යක්ෂක ජෙනරාල් ලාල් ඒකනායක මහතා ප්රමුඛ කණ්ඩායම එම ගමන අධීක්ෂණය කර දෙවිනුවර තුඩුවට පැමිණීමෙන් පසුව ඔහුට හිමි සහතිකය ලබා දුන්නේය.
එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස මධ්‍යම මේජර් ජනරාල් ඩ් එම් පී පී දසනායක සහභාගී විය.
ඊට අමතරව 613 පාබල බල සේනාවේ බලසේනාධිපති එ කර්නල් k a d h r කන්නන්ගර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ යුධ හමුදා නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
ක්‍රිෂාන් ජීවක ජයරුක්






popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

