පැරාලිම්පික් ධාවන ශූර ඔස්කා පිස්ටෝරියස්ට අනිවාර්යයෙන්ම සිරදඬුවමක් නියම වියයුතු බව ඔහු අතින් ඝාතනය වූ රීවා ස්ටින්කැම්ප්ගේ ඥාතීහු ප්‍රකාශ කර සිටිති. ඔවුන් මේ බව ප්‍රකාශ කර තිබුණේ පිස්ටෝරියස්ට දඬුවම් නියම කිරීම සඳහා ඔහු අද (16දා) හතරවැනි දිනටත් අධිකරණය වෙත රැගෙන ආ අවස්ථාවේදීය.
මෙහිදී මියගිය රීවාගේ ඥාතියෙකු වූ කිම් මාටින් ප්‍රකාශ කළේ පිස්ටෝරියස්ගේ සමාව ඉල්ලීම රඟපෑමක් බවයි. කෙසේ නමුත් පිස්ටෝරියස්ට එල්ල වී ඇති චෝදනාවලට අනුව ඔහු අනිවාර්යයෙන්ම සිර දඬුවමකට යටත් කිරීම හෝ නිවාස අඩස්සියේ තැබිය යුතු බව විදෙස් මාධ්‍යද සඳහන් කරයි.