ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පිරිමා හා කාන්තා කණ්ඩායම්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රවේගකාරී පිතිකරණ කුසලතා ඉහළ නැංවීම වෙනුවෙන් ඒ් පිළිබඳ විශේෂඥ පුහුණුකරුවෙක් වන ජූලියන් වුඩ්ගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබේ.
ඔහු ජූලි 30 සිට අගෝස්තු 5 දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනේදී, ක්‍රීඩකයින්ට ඔවුන්ගේ පහර දීමේ ශිල්පීය ක්‍රම මුවහත් කර ගැනීමට සහ ව වැඩිදියුණු කිරීමට උපකාර කිරීම සඳහා වුඩ් ජාතික පුහුණුකරුවන් සමඟ සමීපව කටයුතු කරනු ඇත.
නව්‍ය “බල-පහර දීමේ වැඩසටහනේ” නිර්මාතෘ වන වුඩ්, ක්‍රීඩකයින්ගේ පහර දීමේ බලය වැඩි දියුණු කිරීම සඳහා ක්‍රිකට් ශිල්පීය ක්‍රම පුහුණු ක්‍රම සහ ජෛව යාන්ත්‍ර විද්‍යාව සමඟ ඒකාබද්ධ කරයි.
වුඩ් මීට පෙර එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය (ECB), ග්ලූස්ටර්ෂයර්, හැම්ප්ෂයර්, මිඩ්ල්සෙක්ස් සහ IPLහි පන්ජාබ් කිංග්ස් සමඟ කටයුතු කර ඇත.
මෙම මුලපිරීම ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය, ICC පිරිමි T20 ලෝක කුසලානය, ආසියානු කුසලානය සහ අනෙකුත් ජාත්‍යන්තර තරගාවලි ඇතුළු ප්‍රධාන ජාත්‍යන්තර තරඟ සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සූදානමේ කොටසකි.
