පළමු තරගය ශ්රී ලංකාව පරදියි
සංචාරක පාකිස්තාන කාන්තා ක්රිකට් කණ්ඩායම හා සත්කාරක ශ්රී ලංකා කාන්තා කණ්ඩායම අතර දඹුල්ලේ පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 69ක ජයක් ලබා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දු වාර 50 අවසානයේදී කඩුලු හයකට ලකුණු 250ක් රැස්කිරීමට සමත් විය. මෙහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ජවේරියා ඛාන් නොදැවී කණු 113ක් රැස් කළාය. ඇයගේ ඉනිමට හතරේ පහර 15ක් ඇතුළත් විය. එය ඇයගේ දෙවැනි එක්දින ශතකයයි. පන්දු යැවීමෙන් ශෂිකලා සිරිවර්ධන හා චමරි අතපත්තු කඩුලු දෙක බැගින් දවා ගත්හ.
ලකුණු 251ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා ක්රීඩිකාවන්ට සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 181 ක් පමණි.
මෙහිදී නායක චමරි අතපත්තු ලකුණු 46ක් හා හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන ලකුණු 44ක් රැස් කළාය. නටාලියා පෙරවයිස් කඩුලු දෙකක් හා බිශ්මා මහරූෆ් කඩුලු තුනක් දවාගත්හ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


