සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 05ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද(19) සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 247ක් රැස් කළේය.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්රීඩා කළ නවසීලන්ත කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 248ක් රැස් කරමින් තරගය ජයග්රහණය කළේය.
මෙම ජයග්රහණයත් සමග තවත් තරගයක් ඉතිරිව තිබියදී තරග තුනකින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලිය 2ට බිංදුවක් ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.