සංචාරක එංගලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ක්‍රීඩකයන් 17 කින් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. එක්දින කණ්ඩායමේ නායකයා ලෙස චරිත් අසලංක තව දුරටත් කටයුතු කරයි. ධනංජය ද සිල්වා යළිත් කණ්ඩායමට කැඳවා තිබේ. තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මේ මස 22, 24 සහ 27 යන දිනවලදී පැවැත්වේ.
එක්දින සංචිතය- චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, පවන් රත්නායක, ධනංජය ද සිල්වා, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, ජෙෆ්රි වැන්ඩසේ, මහීෂ් තීක්ෂණ, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන් සහ ඒෂාන් මාලිංග