දෙවැනි එක්දින තරගය එංගලන්තය ජය ගනියි
සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙවැනි එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 31 ජයක් වාරත් කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.
දඹුල්ල ක්‍රීඩාංගණයේ දිවා තරගයක් ලෙසින් පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලනත් කණ්ඩායම ලකුණු 278/9ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 29 කදී කඩුලු 5ක් දැවි ලකුණු 140ක් රැස්කරගෙන සිටින විට තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිය.
දිගින් දිගටම වර්ෂාව ඇතිවූ හෙයින් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එංගලන්තයට ලකුණු 31 ක ජයක් හිමිවිය.
තරගය නිමා කරන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි තිසර පෙරේරා ලකුණු 44ක් හා ධනංජයද සිල්වා ලකුණු 36ක් රැස්කගෙන සිටියහ. ඔවුන් දෙදෙනා අතර ලකුණු 66ක සබඳතාවක් පැවැතියේය.
ලසිත් මාලිංග ලකුණු 44ට කඩුලු 5ක් දවාගත් අතර එංගලන්ත නායක මෝගන් ලකුණු 92ක් රැස්කළේය. ඒ අනුව තරගයේ වීරයා සම්මානය ඔහුට හිමිවිය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

