තුර්කි ගුවන් යානයේදි රුමේෂ්ගේ හෙල්ල පහම කැඩිලා
තමන් වෙනදා කටුනායක ගුවන් තොටුපොළ වෙත එන්නේ සතුටින් වුවත් , අද කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණියේ ඉතා කනගාටුවෙන් බව හංගේරියාවේ බුඩාපේස්ට් නුවර පැවති අල්ටිමේට් හෙල්ල විසි කිරීමේ ශූරතා තරගාවලිය ජයග්රහණය කර කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ලෝක හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග 09/15 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .
ඔහු එසේ පැවසූවේ සිය ජයග්රහණයන් සදහා භාවිතා කළ හෙල්ල 05 ම ඔහු පැමිණි ගුවන් යානය තුළ දී කැඩී බිදී තිබීමයි . එහිදී ඔහු ලෝක වාර්තා තැබූ එනම් හංගේරියාවේ බුඩාපේස්ට් නුවර දී මීටර් 91.09 ක් විසි කළ හෙල්ල , ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර දී මීටර් 92.07 ක් දුර විසි කල හෙල්ල ඇතුළු , ඔහු භාවිතා කරන හෙල්ල 05 ම කැඩී තිබීමයි .
ඔහු මෙම හෙල්ල මෙම වසරේ පැවැත්වෙන ආසියානූ ශූරතා තරගාවලියට එළඹෙන 2027 වසරේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා තරගාවලිය සහ 2028 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය සදහා ද භාවිතා කිරීමටත් , ඉන්පසු ඒවා සිහිවටන ලෙස තමා සන්තකයෙහි තබා ගැනීමටත් රුමේෂ් තරංග සැළසුම් කර ගෙන තිබුණි .
මෙසේ කැඩී බිදී ගොස් තිබූ හෙල්ල පිළිබද , තුර්කි ගුවන් සේවයට එරෙහිව රුමේෂ් තරංග විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි . අල්ටිමේට් සහ ඩයමන්ඩ් ලීග් ශූරතා දෙකම දිනා ගත් රුමේෂ් තරංග 09/15 දින අලුයම 05.10 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු පිළිගැනීම සදහා රුමේෂ් තරංගගේ දෙමාපියන් , නෑදෑ හිතවතුන් , ක්රීඩා අමාත්යංශයේ උසස් නිලධාරීන් සහ ඔහු සේවය කරන ශ්රී ලංකා ගුවන් හමුදාවේ උසස් නිලධාරීවරුන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
