තිලකරත්න ඩිල්ෂාන් පොහොට්ටුවේ සමාජිකත්වය ගනියි
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්නය ලබාගෙන ඇත. ඔහු අද පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේදි සාමාජිකත්වය ලබාගත් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. ඒ අනුව ඔහු ඉදිරි මැතිවරණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කිරීමට වැඩි ඉඩක් ඇතැයි වාර්තා වෙයි.
Former #Srilanka Cricketer T.M Dilshan obtained SLPP party membership at the party headquarters short while ago. #lka pic.twitter.com/hfGAmyWfLV
— SLPP (@PodujanaParty) November 14, 2018
popular news
-
chathuri Wednesday, 14 November 2018 05:42 PM
ක්රීඩාව විනාස. කරලා එතනින්. අයින්. කරනකොට එන්නේ. දේශපාලනයට. , ඊට පසු එතනත්. ඉවරයි අලුත්. අගමැති. අවාම. ඕක තියාගන්න 2025. තරගෙට. එන්න පැරදුන. සේරම. යන්නේ පොහොට්ටුවට නියමයි සේරමපොහොට්ටු පිපෙනවා. මේක පිපෙන්නේ. නැහැ. මළවෙනවා
Reply : 0 45
Champa Wednesday, 14 November 2018 08:51 PM
ඕනේ කෙනෙකුට පුළුවන් චන්දෙට ඉල්ලන්න. හැබැයි මිනිස්සු තමයි තීරණය කරන්නේ. ක්රීඩකයෝ දේශපාලනේට ඇවිල්ල මෙතුවක් කරපු දෙයක් නැහැ. ඩිල්ෂාන්ට ක්රීඩකයෙක් විදිහට මම හුඟක් කැමතියි. හැබැයි දේශපාලකයෙක් විදිහට මගේ කිසිම කැමැත්තක් නැහැ. පාර්ලිමේන්තුවේ දොර ඇරෙන්න ඕනේ ජීවිතේ හැම දෙයක්ම දිනා ගත්තු මිනිස්සුන්ට නෙමෙයි. ජීවත් වීමේ අරගලය විඳපු සහ තවත් ඒ වගේ මිනිස්සුන්ගේ ජීවත වලට මාර්ගය කියල දෙන්න පුළුවන් පොළොවේ පය ගහල ඉන්න මිනිස්සු. අවස්ථා දෙන්න ඕනේ ඩිල්ෂාන් වගේ ජීවිතේ බොහෝ අවස්ථා හම්බ වෙහ්ච්ච මිනිස්සුන්ට නෙමෙයි. තමන්ගේ ජීවිතේ කිසි දවසක කිසිම අවස්ථාවක් නොලැබුණු මිනිස්සුන්ට.
Reply : 0 37
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

