ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යෝගා පුහුණුව යෝගා ගුරු නන්ද සිරිවර්ධනගෙන්
ජාතික ක්‍රීඩා සංගම්වලට සහ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යෝගා හඳුන්වාදීමේ ඇති හැකියාව පිළිබඳ සාකච්ඡාවක් ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ප්‍රවීණ යෝගා ගුරු නන්ද සිරිවර්ධන මහතා අතර (22දා) ක්‍රීඩා අමාත්‍යාංශයේදී තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.
තරගකාරී ලෝකයක, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ ශාරීරික හා මානසික යෝග්‍යතාව වැඩි දියුණු කරගැනීමේ මාර්ගයක් ලෙස යෝගා ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා හඳුන්වා දීමට ක්‍රීඩා අමාත්‍යාංශය මීට පෙර යෝජනා කර තිබිණි. එහි එක් පියවරක් ලෙස ප්‍රවීණ යෝගා ගුරු නන්ද සිරිවර්ධන මහතා සමග ජාතික ක්‍රීඩා සංගම් සඳහා යෝගා හඳුන්වාදීමට ඇති හැකියාව සොයා බැලීමට මෙම සාකච්ඡාව පවත්වා තිබිණි.
මෙරට ජාතික සංචිත සඳහා යෝගා සහ භාවනා කිරීම අත්‍යවශ්‍ය බව තරුණ සහ ක්‍රීඩා අමාත්‍යවරයා මීට පෙර පවසා තිබුණු අතර, ලබන මස සිට සෑම ජාතික සංචිතයක්ම යෝගා සැසියකට එක්විය යුතුයි බවත්, අවම වශයෙන් සතියකට දෙවතාවක්වත් භාවනාව සමගින් යෝගා වැඩසටහනක් පවත්වන්න තීරණය කර ඇති බවත් ක්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍යයට පවසා තිබිණි.
මෙම සාකච්ඡාවට තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට අමතරව ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා සහ සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන සහ ඌන උපයෝජිත රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

popular news
-
Don Saturday, 26 September 2020 05:50 PM
Yoga is not Scientific. No proper Medical knowledge behind it. No knowledge in human Anatomy, Physiology or Pathology involved. Minister must approach the best Sports Medical Scientists in the country without going behind fakes.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

