චෙන්නායි ලකුණු 93කින් දිල්ලි පරදයි
- 22 04 2014
- 09:53
- {{hitsCtrl.values.hits}} views
- සංජීව ධර්මසේන
දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම පරාජය කර ඊයේ (21දා) රාත්‍රියේ ඩුබායිහිදී පැවැති තරගයෙන් ලකුණු 93ක පහසු ජයක් ලැබීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.
ලකුණු 178ක ඉලක්කයක් හඹාගිය දිල්ලි කණ්ඩායමට පන්දුවාර 15.4 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 84ක් පමණි. නේදන් කොල්ටර්-නයිල් පන්දු රැකීමේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් පන්දුවට පහරදීමට නොපැමිණියේය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී ලකුණු 177/7 රැස්කිරීමට සමත්විය. සුරේෂ් රයිනා ලකුණු 56ක් රැස්කරමින් චෙන්නායි ඉනිම ඔසවා තැබූ අතර, තරගයේ වීරයා සම්මානයද ඔහුට හිමිවිය.
චෙන්නායි සුපර් කිංග්ස් 177/7 (පන්දුවාර 20)
සුරේෂ් රයිනා 56 (පන්දු 41, 4x5, 6x1)
මහේන්ද්‍ර සිං දෝනි 32 (පන්දු 15, 4x2, 6x2)
ඩ්වේන් ස්මිත් 29 (පන්දු 28, 4x3)
ජයදේව් උනාද්කට් 32/3 (පන්දුවාර 4)
ජිමි නීශම් 29/1 (පන්දුවාර 4)
දිල්ලි ඩෙයාඩෙවිල්ස් 84/9 (පන්දුවාර 15.4)
ජිමි නීශම් 22 (පන්දු 15, 4x2)
දිනේෂ් කාර්තික් 21 (පන්දු 22, 4x2)
ජේ.පී. දුමිනි 15 (පන්දු 14)
ඊශ්වර් පාන්ඩේ 23/2 (පන්දුවාර 4)
රවිචන්ද්‍රන් අශ්වින් 3/2 (පන්දුවාර 2)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
