ගාලු පිටිය ඉවත් කරන්නේ නැත්නම් ගාල්ලට තවත් පිටියක් ඇයි - මහේල
දැනට පවතින ගාලු පිටිය ඉවත් නොකරන්නේ නම් ගාල්ලට තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අවශ්‍ය මන්දැය ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.
ගාලු පිටිය ඉවත්කිරීමට තීරණය කර ඇති බවට අද පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන් සඳහන් කළේ ගාලු ක්‍රීඩාංගණය කිසිසේතම කඩා නොදමන බවත් කොග්ගල ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකරන බවත්ය.
මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වන මහේල පවසන්නේ ගාලු ක්‍රීඩාංගණයේ ගැටලුව ප්රේක්ෂකාගාර නම් එය වෙනස් කරන ලෙසයි.
මෙම ප්රේක්ෂකාගාර ලොක උරුම ගාලු කොටුවේ අනවසරයෙන් ඉදිකර ඇති හෙයින් ඒවා ඉවත් නොකරන්නෙ නම් ගාල්ල ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙසට යුනෙස්කෝව දන්වා ඇතැයි වාර්තා වෙයි.
ඒ සඳහා පිළිතුරු ලබාදීමට ශ්‍රී ලංකාවට එළැඹෙන වසරේ ඔක්තෝබර් මාසය දක්වා කල් ලබා දී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වන මහේල පවසන්නේ,
“දැනට ගාල්ලේ පවතින ක්‍රීඩාංගණය ඉවත් කරන්නේ නොමැතිනම් ඔබට ගාල්ලට තවත් ක්‍රීඩාංගණයක් අවශ්‍ය ඇයි? ප්රේක්ෂකාගාර ප්‍රශ්ණයක් වි ඇත්නමේ ඒවා ඉවත් කරන්න” යනුවෙනි.

popular news
-
rocky Saturday, 21 July 2018 06:41 AM
තවත් එකක් හදන්නේ කොමිස් කෙලිය සඳහාය. එය ක්‍රිකට් වලට වඩා ජොලි ක්‍රීඩාවකි. සුරියවෙව පිටිය හදන විට ඔය ප්රශ්නය නො ඇසුවේ ඇයි? අහන්න බයේ ඉන්න ඇති නේද? මහත්තයල ක්‍රිකට් ගහන්න. කොමිස් ක්‍රීඩාවටත් නිසි තැන දෙන්න!
Reply : 0 0
ruwan Saturday, 21 July 2018 09:03 AM
මම හිතුවේ නාලන්දාවෙන් මේ වගේ මෝඩ තර්ක දාන පිරිස් බිහිකරලා ඇති කියලා. එහෙනම් කොළඹට ඔය කියන තරම් පිට්ටනි මොකටද කියල අහන්නේ නැත්තේ අයි. ඕනෑම මෝඩයෙක් දන්නවා ගාලු ක්‍රීඩාංගනයේ 5000 කට වටා එකවර නැරඹිය නොහැකි බව. මෝඩ තර්ක දන්නා පෙර ටිරෝන් ප්‍රනාන්දු ක්රිදන්ගනයට වෙච්ච දේ හොයල බලන්න. අපිට අවශ්‍ය තණතීරු 10-12 ක් තියෙන එකවර 75,000 කට විතර තරඟය නැරඹිය හැකි ක්රිදාන්ගනයකි. නොදන්නා දේවල් වලට කට වහගෙන හිටියම අපි හිතන්නේ අඩුම ගානේ මොලේ හරි ඇති කියලා. නවීන ලෝකයත් එක්ක පෙරට යන්න බැරි මේවගේ පටු අදහස් ඇති මිනිසුන් නිසා බව නාලන්දියෙක් වශයෙන් කියන්න කැමතියි.
Reply : 2 0
Nandana de silva Saturday, 21 July 2018 09:51 PM
ඔබට අදාල නොවන දේ කතා නොකරන්න
Reply : 0 0
Champa Sunday, 22 July 2018 09:39 AM
Thank you Mahela well said!!! If the government has no intention to remove Galle International Cricket grounds, there is no need for them talk about another in Koggala. Every citizen has a right speak up against this type of moronic decisions taken by the government as it is public money they utilize. On the other hand, Galle cricket grounds has a history people value. Government has no right to take one sided decisions and waste public money according to their whims and fancies.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

