ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිවරයා ඉවත් කොට පළපුරුද්දක් සහිත දක්ෂ විදුපති වරයෙකු පත්කරන ලෙස ඉල්ලා අද (14) උද්ඝෝෂණයක් පැවැත්වීමෙන් අනතුරුව, විදුහල්පතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණයකට අනුව කටයුතු කිරීම පිණිස විදුහලෙන් නික්ම ගියේය.
අද පෙරවරුවේ පැය හතරකට අධික කාලයක්, සිසුන්ගේ මව්පියන් සහ ආදි සිසුන් විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූ අතර ඊට සිසුන් පිරිසක්ද එක්විය.
උද්ඝෝෂණය අතරතුර මව් පියන් කිහිප දෙනෙකු, ආදි සිසුන් පිරිසක් සහ ආචාර්ය මණ්ඩලයේ පිරිසක් විදුහල්පති ජේ.ඒ.ජේ.ආර්.ජයකොඩි මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව විදුහල්පතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයට ගොස් ලබාදෙන සුදුසු තනතුරක් බාර ගැනීමට සූදානම් බව දැනුම් දීමෙන් අනතුරුව උද්ඝෝෂණය නිමා කෙරිණි.
මෙම අවස්ථාවේදී විදුහල්පති ජයකොඩි මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සදහන් කර සිටියේ , තමන් අධ්‍යාපන අමාත්‍යාංශයට වාර්තා කොට ලබාදෙන තනතුරක් බාර ගැනීමට තීරණය කළ බවය.
පස්වරු 1 ට පමණ විදුහල්පතිවරයා පොලිස් ආරක්ෂාව ඇතිව විදුහල් පරිශ්‍රයෙන් පිටව ගිය ආකාරය දක්නට ලැබිණි.
තිලකරත්න දිසානායක

