බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 176කින් ජයග්‍රහණය කිරීමට සංචාරක ඕස්ට්‍රෙිලියානු කණ්ඩායම ඊයේ(14දා) සමත් විය.
ජයග්‍රාහී ලකුණු 204ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 14යි පන්දු 03ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 27ක් පමණී. මෙය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩුම දෙවැනි ලකුණු සංඛ්‍යාව වේ.
මෙහිදී කොදෙව් ඉනිමේ පිතිකරුවන් 07 දෙනෙකු ලකුණු නොලබා දැවී යාමද විශේෂත්වයක් වේ.
කොදෙව් ඉනිම සුනු විසුනු කළ මිචෙල් ස්ටාර්ක් ලකුණු 09ට කඩුලු 06ක් සහ ස්කෝට බෝලන්ඩ් කඩුලු ත්‍රිත්වයක් සමගින් ලකුණු 2ට කඩුලු 03ක් බිඳ හෙලීමට සමත් විය.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 225ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ඉනිම කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 143ක් රැස් කළේය.
අනතුරුව දෙවන ඉනිමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 143ක් රැස් කළ අතර, ඒ අනුව කොදෙව් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 204ක ඉලක්කයක් හිමි විය.

