ක්‍රිකට් දූෂණ වල ’මොළකාරයන්’ හැංගිලා
ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ අක්‍රමිකතා පිළිබඳව කතා කිරීමේදී ක්‍රීඩකයන් පිළිබඳව කථා කළත් ඊට වග කිව යුතු ‘මොළකාරයින්’ සැඟව ඇති බව අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ හා අක්‍රමිකතා මැඩ පැවැත්වීම සඳහා ඉන්දියාව සහාය ලබාදීමට ඒකඟ වූ බවත් ඔහු ප්‍රකාශ කළේය.
“අද අපි බොහෝ විට කථා කරන්නේ ක්‍රීඩකයෝ ගැන. නමුත් ක්‍රීඩකයින්ට වඩා ඊට ඔබ්බට ගිය බුකිකාරයෝ සූදුකාරයෝ ක්‍රිකට්වල විනාශයට අද වගකිව යුතු වෙනවා. මොලකාරයෝ සැඟව සිටිනවා. ඔවුන්ව සොයා ගැනීමට අපේ රටේ ඇතැම් අංශ කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා ඒ සඳහා ඉන්දියාවේ සහාය ලබා ගැනීම වඩාත් වැදගත් බව පේන්න තියෙනවා.”

-
Don Monday, 22 October 2018 08:30 PM
Not only bookie man his BIL the present
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

