කල්කටා - පංජාබ් දිනයි
ගාම්භීර් කල්කටාව දිනවයි
දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම හා කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර ඊයේ (07දා) දිල්ලිහිදී පැවැති තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලැබීමට කල්කාටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය.
දිල්ලි කාණ්ඩායම ලබාදුන් ලකුණු 161ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කල්කටා කණ්ඩායම තරගයේ 18.2 පන්දුවේදී එම ඉලක්කය පසුකර යාමට සමත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී ලකුණු 160ක් රැස් කිරීමට සමත්විය. තරගයේ වීරයා ලෙස ගෞතම් ගාම්භීර් සම්මාන හිමිකරගත්තේය.
	.jpg) 
දිල්ලි 160/5 (පන්දුවාර 20)
ජේ.පී. දුමිනි 40 (පන්දු 28, 6x3)
දිනේෂ් කාර්තික් 36 (පන්දු 22, 4x4, 6x1)
මුරලි විජේ 24 (පන්දු 20, 4x2, 6x1)
ශකීබ් අල් හසන් 13/1 (පන්දුවාර 4)
කල්කටා 161/2 (පන්දුවාර 18.2)
ගෞතම් ගාම්භීර් 69 (පන්දු 56, 4x5, 6x2)
රොබින් උතප්පා 47 (පන්දු 34, 4x5, 6x1)
මනීෂ් පාන්ඩේ නොදැවී 23 (පන්දු 14, 4x2)
වේන් පාර්නෙල් 21/2 (පන්දුවාර 4)
මැක්ස්වෙල් පන්ජාබයට හයවැනි ජයත් ගෙනෙයි
පාලනය කළ නොහැකිවූ ග්ලෙන් මැක්ස්වෙල්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් ඊයේ (07දා) පැවැති තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජය කර ලකුණු 44ක ජයක් ලැබීමට කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සමත්විය.
ලකුණු 232ක දැවැන්ත ඉක්කයක් හඹාගිය චෙන්නායි පිතිකරුවන්ට පන්දුවාර 20 අවසානයේ රැස්කිරීමට හැකිවූයේ ලකුණු 187/6 පමණි.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පංජාබ් ක්‍රීඩකයෝ සිය පන්දුවාර 20 අවසානයේදී ලකුණු 231/4 රැස්කිරීමට සමත්වූහ. එය මෙවර තරගාවලියේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව විය. සුපුරුදු පිතිහරඹය දියත් කළ ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 38කදී ලකුණු 90ක් රැස්කිරීමට සමත්විය. තරගයේ වීරයා ලෙසද ඔහු සම්මාන හිමිකරගත්තේය.
	.jpg) 
පංජාබ් 231/4 (පන්දුවාර 20)
ග්ලේන් මැක්ස්වෙල් 90 (පන්දු 38, 4x6, 6x8)
ඩේව්ඩ් මිලර් 47 (පන්දු 32, 4x5, 6x2)
මෝහිත් ශර්මා 2/38 (පන්දුවාර 4)
චෙන්නායි 187/6 (පන්දුවාර 20)
ඩු ප්ලෙසිස් 52 (පන්දු 25, 4x7, 6x1)
සුරේෂ් රයිනා 35 (පන්දු 27, 4x3, 6x1)
මිචෙල් ජොන්සන් 37/2(පන්දුවාර 4)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                