කනිෂ්ඨ මේසපන්දු තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි
මාලදිවයිනේ පැවැත්වෙන දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (08දා) දිවයිනෙන් පිටත්ව ගියහ.
රටවල් හයක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් හත්දෙනෙක්, ක්‍රීඩිකාවන් හත්දෙනෙක්, පුහුණුකරුවන් දෙදෙනෙක්, ක්‍රීඩිකාවන් භාර නිලධාරිනියක් හා කණ්ඩායම් කළමනාකරු ඇතුළු දහඅටදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වූහ.
අද (09දා) සිට එළඹෙන 12වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට ඉන්දියාව, ශ්‍රී ලංකාව, භූතානය, පාකිස්තානය, බංග්ලාදේශය හා නේපාලය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාවීමට නියමිතව ඇත.
තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම
පිරිමි - චනුල් දුල්සෙන්, ධනුෂ්ක විජේසිංහ, තිසස් රංචාගොඩ, හිරුණ වරුෂවිතාන, දෙව්මෙත් වීරසේන, ජනිත් බටුගෙදර, ඩිරාන් හමර්
කාන්තා - බිමන්දී බණ්ඩාර, මනීෂා සාලින්දි, අයිලා චිට්ටි, සඳුනි ප්‍රබුද්ධිකා, ලෙසන්යා සෙතුමදී, ටමාදී කාවින්ද්‍යා, ඉමල්ෂා සෙව්මිණී
නිලධාරීන් - බුද්ධික දික්කුඹුර, ලක්ෂාන් හර්ෂණ (පුහුණුකරුවන්), බුද්ධික නියරේපොළ (කළමනාකරු), ශර්මිලා මනෝජික (ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය)
කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

