නවසීලන්තය 26-16 ආජන්ටිනාව
ලෝක කුසලාන රග්බි තරගාවලියේ අද (20දා) පැවැති ‘සී’ කාණ්ඩයේ තවත් තරගයකින් ආර්ජන්ටිනාව පරාජය කර ලකුණු 24 – 16 ක් ලෙස තියුණු ජයක් ලැබීමට ප්‍රබල නවසීලන්ත කණ්ඩායම සමත්විය. මෙම කණ්ඩායම් දෙක එකිනෙකා සමගින් තරග වැදුණු 22 වැනි තරගය මෙය වන අතර, ඉන් නවසීලන්තය හමුවේ ආර්ජන්ටිනාව පරාජය වූ 21 වැනි තරගය මෙය වේ. එක් තරගයක් පමණක් ජයපරාජකින් තොරව අවසන්වී ඇත.
තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් ඩෑන් කාටර් දඩුවම් පහරක් සාර්තක කරගනිමින් ලකුණු 3–0ක් ලෙස තරගයේ පෙරමුණ නවසීලන්ත කණ්ඩායට රැගෙන ආවේය. එය තවදුරත් ඉදිරියට රැගෙන ගිය ඔහු දෙවැනි දඩුවම් පහරද සාර්ථක කරගනිමින් 6 -0 ක් ලෙස තවදුරටත් තම කණ්ඩායම ඔසවා තැබුවේය. දිගින් දිගටම තරගයේ පීඩනය ප්‍රතිවාදීන් වෙත එල්ල කළ නවසීලන්ත ක්‍රීඩකයෝ පළමු මිනිත්තු 20 තුල තෙවැනි වරටද දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු 9 – 0 ක් ලෙස තවදුරටත් ඉදිරිට පැමිණියේය.
කාටර්
කෙසේ නමුත් නොසිතූ මොහොතක ක්‍රියාත්මක වූ ආර්ජන්ටිනා ක්‍රීඩකයෝ උත්සාහක දිනුමක් සාර්ථක කරගැනීමට සමත්වූ අතර, එය ගෝල දිනුමක් බවට පත්කරගත් ඔවුන් ලකුණු 9 -7 ලෙස තරගයට අවතීර්ණ විය. ඉන් අනතුරුව තවත් දඩුවම් පහරක් සාර්තක කරගත් ආර්ජන්ටිනා කණ්ඩායම ලකුණු 10 – 09 ක් ලෙස තරගයේ පළමුවරට නවසීලන්තය අභිබවා යාමට සමත්විය.
ඉන් අනතුරුව තරගයේ පෙරමුණ තවදුරටත් තහවුරු කරගනිමින් තවත් දඩුවම් පහරක් සාර්ථක කරගැනීමට ආර්ජන්ටිනා ක්‍රීඩකයන්ට හැකිවූ අතර, ඒ හේතුවනේ ඔවුන්ට 13 – 09 ක් ලෙස ඉදිරියෙන් සිටීමට හැකිවිය. කෙසේ නමුත් පළමු අර්ධය අවසන්වීමට ආසන්නව තිබියදී දඩුවම් පහරක් සාර්ථක කරගැනීමට නවසීලන්ත ක්‍රීඩකයන්ට හැකිවූ අතර, ඒ හේතුවෙන් කණ්ඩායම් දෙකම කරට කර සටනකට මුල පුරා පළමු අර්ධය ලකුණු 13 -12 ක් ලෙස ආර්ජන්ටිනාව ඉදිරියෙන් සිටිමින් අවසන් විය.
දෙවැනි අර්ධයේද ලකුණු පුවරුව පළමුවෙන් ක්‍රියාත්මක කළ ආර්ජන්ටිනා කණ්ඩායම දඩුවම් පහරක් සාර්තක කරගනිමින් 16 – 12 ක් ලෙස තවදුරටත් ඉදිරියට පැමිණීමට සමත්විය. කෙසේ නමුත් වත්මන් ලෝක ශ්‍රේණිගතකිරීම්හි අංක එකේ පසුවන නවසීන්ත කණ්ඩායම කෙමෙන් කෙමෙන් තරගයට අවතීරණ වෙමින් තරගයේ 57 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් හා එය ගෝල දිනුමක් දක්වා ප්‍රවර්ථනය කරගනිමින් ලකුණු 19 – 16 ක් ලෙස ආර්ජන්ටිනා කණ්ඩායම අභිබවා යාමට සමත්විය.
ඉන් අනතුරුව තවත් ගෝල දිනුමක් වාර්තා කිරීමට නවසීලන්ත ක්‍රීඩකයන්ට හැකි වූ අතර, ඒ අතරවාරයේ ලෝක ශ්‍රේණිගතකිරීම්හි 08 වැනි ස්ථානයේ පසුවන ආර්ජන්ටිනා කණ්ඩායමට කිසිඳු ලකුණක් රැස්කිරීමට නොහැකි විය. ඒ හේතුවෙන් ලකුණු 26 – 16 ක් ලෙස තරගයේ ජය නවසීලන්ත කණ්ඩායමට හිමිවිය.