ඔස්ට්‍රේලියානු සංචිතය නම් කරයි
ශ්‍රී ලංකාව සමගින් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක සඳහා ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය නම් කර තිබේ. මෙහිදී ඉන්දීය තරගාවලියේදී බෙහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ සෑම් කොන්ටාස්ට හා බෙයූ වෙබ්ස්ටාර්ට කණ්ඩායමේ ස්ථානය හිමිව තිබේ.
මීට අමතරව නවක ක්‍රීඩකයෙක් ලෙස 21 හැවැරිදි කූපර් කොන්නෝලිට කණ්ඩායමේ ස්ථානය හිමිව තිබෙන අතර නේතන් ඒ මැක්ස්වීනිද යළිත් කණ්ඩායමට කැඳවා තිබේ.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ලෙස ස්ටීවන් ස්මිත් කටයුතු කරනු ඇත. ඒ නිත්‍ය නායක පැට් කමින්ස් ආබාධයකින් අනතුරුව සුවය ලබමින් සිටින හෙයිනි.
ඔස්ට්‍රේලියානු සංචිතය - ස්ටීවන් ස්මිත් (නායක), සීන් ඇබෝට්, ස්කොට් බෝලනඩ්, ඇලෙක් කැරේ, කූපර් කොන්නෝලි, ට්‍රැවිස් හෙඩ්, ජෝස් ඉන්ගිල්ස්, උස්මාන් කවාජා, සෑම් කොන්ටාස්, මැට් කනේමාන්, මානස් ලබුෂේන්, නේතන් ලයන්, නේතන් මැක්ස්විනී, ටොඩ් මුර්පි, මිචෙල් ස්ටාක්, බේයූ වෙබ්ස්ටාර්

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
