පන්දුව පලුදු කිරීමේ චෝදනාවකට ලක් වූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මගින් ලබාදුන් දඬුවම ප්‍රමාණයට වඩා වැඩි දඬුවමක් යැයිද, එම දඬුවම අවම කිරීමට කටයුතු කළ යුතු යැයිද ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය පවසයි.
පන්දුව පලුදු කිීමේ චෝදනාවට ලක් වූ හිටපු නායක ස්ටීවන් ස්මිත්ට වසරක තරග කාලයක් හා තවත් වසරක කාලයක් නායකත්වය දැරීම තහනම් කර තිබේ. හිටපු උපනායක ඩේවිඩ් වෝනර්ටද වසරක තරග තහනමක් හා ජීවිතාන්තය දක්වා නායකත්ව තහනමක් පනවා ඇත. කැමරන් බැන්ක්‍රොෆ්ට්ට මාස 9ක තහනමක් හා තවත් මාස 12ක නායකත්ව තහනමක් පැනවීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
ඔස්ට්රේලිනු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ සභාපති ග්‍රෙග් ඩයර් අද (03දා) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත්තේ ක්‍රීඩකයන් වෙනුවෙන් පනවා ඇති දඬුවම් ලිහිල් කිරීමට කටයුතු කරන ලෙසයි. එසේම ඔවුන්ට නැවත සූදානම් වීම සඳහා දේශීය ක්‍රිකට් පිටියට ඉක්මණින් පැමිණීමට අවස්ථාවක් දෙන ලෙසද ඔහු ඉල්ලා ඇත.
මීට පෙර මෙවැනි වරදවල් සිදූවී ඇති නමුත් එම අවස්ථාවලදී පනවා ඇති දඬුවම් සාපේක්ෂ වශයෙන් ලිහිල් බවද සභාපතිවරයා එහිදී පවසා තිබේ.
දඬුවම් පැන වූ ක්‍රීඩකයන් අද (03දා) වන විටත් එම දඬුවම් සඳහා ඇපෑලක් ඉදිරිපත් කරන්නේද, නැත්ද යන්න පිළිබඳව තීරණයක් ගෙන නොතිබුණි.