ඔස්ට්‍රේලියානුවන් පන්දුව පළුදු කිරීමේ වරද පිළිගනියි
දකුණු අප්‍රිකාව සමග කේප්ටවුන් හී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය අතරතුර පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානුවන් වරද පිළිගෙන තිබේ. ඒ අනුව මෙම සිදුවීමට මුල් වූ ඔස්ට්‍රේලියානු පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ට් හට තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් විසින් පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම වෙනුවෙන් දෙවැනි මට්ටමේ චෝදනාවක් නිකුත් කර ඇති අතර තවමත් දඬුවමක් පනවා නැත.
බොහෝදුරට මෙවන් වූ වරදකට ඔහුගේ තරග මුදලින් අඩක් හෝ සම්පූර්ණයෙන්ම අය කරගන්නා දඩයක් සහ අවගුණ ලකුණු 3ත් 4ත් අතර ප්‍රමාණයක් එක් වනු ඇත. මෙම අවගුණ ලකුණු 4ක් ලැබීම ස්ව්‍යංක්‍රීයවම එක් ටෙස්ට් තරගයක් බැන්ක්‍රොෆ්ට් හට අහිමි වනු ඇත.
බැන්ක්‍රොෆ්ට් විසින් විසින් සිය අතෙහි යම් කහ පැහැති දෙයක් තබාගෙන බෝලය පළුදු කරනු පැහැදිලිවම කැමරා දර්ශන ඔස්සේ දැකිය හැක. ඔහු විසින් පන්දුව රිවර්ස් ස්වින්ග් කිරීම පහසු කිරීම වෙනුවෙන් එක් පසක් රළු කිරීමට මෙම උත්සාහය ගත් බව ඔහු පිළිගත්තේය.
	
	
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                