ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය හෙට(09දා) සිට ආරම්භ වීමට නියමිතව තිබේ.
මෙහිදී කණ්ඩායම් 2ක් යටතේ කණ්ඩායම් 08ක් තරග වැදීමට නියමිතයි.
ඒ අනුව ‘ඒ ’ කණ්ඩායම යටතේ ඉන්දියාව, ඕමානය, පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරගවදින අතර, ‘බී’ කණ්ඩායම යටතේ ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, හොංකොං සහ ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතයි.
මෙම තරගාවලියේ පළමු තරගය ලෙස ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම තරගවැදීමට නියමිතව ඇත.