ශ්රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන හා අවසන් විස්සයි 20 ක්රිකට් තරගයෙක් කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
ඒ අනුව තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලිය තරග 2ට එකක් ලෙසද ජයග්රහණය කිරීමට බංග්ලාදේශය සමත් විය.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 132ක් රැස් කළේය.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 03ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 133ක් ලබා ගනිමින් තරගය ජයග්රහණය කළේය.
මෙහිදී අගනා ඉනිමක් ක්රීඩා කළ තන්සිඩ් හසන් පන්දු 47දී නොදැවී ලකුණු 73ක් රැස් කළේය.