ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ(25දා) සහ පෙරේදා (24දා) පැවැත්විණි.
එහිදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 06 දෙනෙකු කණ්ඩායම් විසින් මිලදී ගැනීමට කටයුතු කළහ.
ඒ අනුව රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම විසින් වනිඳු හසරංගව ඉන්දීය රුපියල් කෝටි 5.25ක මුදලකටත්, මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් කෝටි 4.40ටත් මිලදී ගත්තේය.
මේ අතර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් ඒශාන් මාලිංග ඉන්දීය රුපියල් කෝටි 1.2ටත්, කමිඳු මෙන්ඩිස් ඉන්දීය රුපියල් ලක්ෂ 75ක මුදලකටත් මිලදී ගනු ලැබිණි.
මේ අතර නුවන් තුෂාර ඉන්දීය රුපියල් කෝටි 1.6ට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම විසින් මිලදී ගත්තේය.
මේ අතර දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් ලක්ෂ 75ක මුදලකට මිලදී ගණු ලැබිණි.